Sunday, March 4, 2012

ඔබේ නමින් සෑය බදිමි

ඔබේ නමින් සෑය බදිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණ මාලියේ
රූබර ස්වර්ණ මාලියේ...!

උනා නීල වර්ණ වරල
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍ර චාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ

වලා ලමැද කිනිහිරි පෙති
රත්න තිලක පැලද ලියේ
සිනා සිසී විමානයෙන් බසින්න
ස්වර්ණ මාලියේ...

අතේ ගිගිරි නාද සළබ
නුරා හඩින් හඩන ලියේ
කනේ පත්ම කැකුලු මාල
හංස තුඩින් පිපෙන ලියේ

කනේ ‍තෝඩු මිනි ගන රන්
මූන ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න ස්වර්ණ මාලියේ..

බාල චන්ද්‍ර පටුනලලත
අලක පඬුන් රඟන ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ඩ සමන් පිපෙන ලියේ

දෑල දෑත ස්වර්ණදාම
පාන හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයේ
බසින්න ස්වර්ණමාලියේ

මම තවම මට අහිමි මගේ කවිය ලියනවා...

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුබ මගේ ලග නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගේ කවිය ලියනවා



දුක පිරුනු මගේ හිත නුබ හොදට දන්නවා
හිත හදපු නුබේ හඩ මගේ සවන් සොයනවා
නුබ නිසා පැමිනි දුක් පැණි රසයි සිතෙනව
මම තවම මට අහිමි මගේ කවිය ලියනවා

අනාගත වාලුකා කතර මැද තනිවෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා
පුර පසෙක නොවී නුබ අව පසෙක සද උනා
මම තවම මට අහිමි මගේ කවිය ලියනවා

Saturday, February 25, 2012

වහින්නට හැකිනම් ගිගුම් දී

වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්....


‍රැදෙන්නට හැකි නම් ළමා කැල
හඩන දෙතොලග සිනාවක් වී
පිපෙන්නට හැකි නම් තුරින් තුර
නෙලා ගත හැකි වන මලක් වී.....


නිදන්නට හැකි නම් දෙනෙත් තුල
හැබෑවන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී....

Monday, February 13, 2012

සබඳ අපි කඳු නොවෙමු

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන 

[ගුනදාස කපුගේ]