පිහිටක් නැති සරනක් නැති 
සතුටක් ඇති මුහුනක් නැති
මේ සසර දනව්වේ 
අපි අසරන වෙලා වගේ 
හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...//
හබලක් නැති ඔරුවක් ඇති 
මිනිසුන් වෙති වෙරලක් නැති
මේ සසර දනව්වේ 
අපි අසරන වෙලා වගේ 
හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...//
නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති පෙර සක් නැති
මේ සසර දනව්වේ 
අපි අසරන වෙලා වගේ 
හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...//
[ගුණදාස කපුගේ.]
 
No comments:
Post a Comment