Saturday, February 25, 2012

වහින්නට හැකිනම් ගිගුම් දී

වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්....


‍රැදෙන්නට හැකි නම් ළමා කැල
හඩන දෙතොලග සිනාවක් වී
පිපෙන්නට හැකි නම් තුරින් තුර
නෙලා ගත හැකි වන මලක් වී.....


නිදන්නට හැකි නම් දෙනෙත් තුල
හැබෑවන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී....

Monday, February 13, 2012

සබඳ අපි කඳු නොවෙමු

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන 

[ගුනදාස කපුගේ]

Saturday, February 11, 2012

සසර දනවුවේ

සසර දනවුවේ
අප යන ගමනේ
බුදු හිමි සෙවනේ
සිහිල ලැබේවා....!

සසර දනවුවේ දුක පීඩා විද
නවාතැන් සොයා අප යනවා
ඒ යන ගමනේ කොතනකදී හෝ
බුදු හිමි සෙවනේ සිහිල ලැබේවා....!

තනිවි හැදින්නෙමි ගුණ තුන් රුවනේ
නිවමි නිවන්නෙමි දුක බව ගිමනේ
සරමි සරන්නේමි සදහම් අරනේ
ගයමි ගයන්නෙමි බුදු ගුණ වරුනේ...!

සසර දනවුවේ.........

මලකින් මලකට පාවෙන සුවදයි
පහනෙන් පහනට දැල්වෙන එලියයි
සවනින් සවනට යාවෙන මිහිරයි
අදුරෙන් එලියට යන මිණි පහනයි....!

සසර දනවුවේ......