Saturday, February 25, 2012

වහින්නට හැකිනම් ගිගුම් දී

වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්....


‍රැදෙන්නට හැකි නම් ළමා කැල
හඩන දෙතොලග සිනාවක් වී
පිපෙන්නට හැකි නම් තුරින් තුර
නෙලා ගත හැකි වන මලක් වී.....


නිදන්නට හැකි නම් දෙනෙත් තුල
හැබෑවන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී....

1 comment:

  1. කපුගේ, නන්දා, ඇතුළු පිරිස ගැයූ මේ ඔබ ඉදිරිපත් කර ඇති ගී සදාකාලිකයි. මේ හරහා තමයි අලුත් ඇසක්, නව මානයක් ගොඩනැගිය යුතුවන්නේ.

    ReplyDelete